ඇමෙරිකානු දීගයේ ගියත් කියුබානු සම්ප්රදාය රකිනවා - රාහුල් කැස්ත්‍රෝ
කියුබාව සමග පවතින ද්වීපාර්ශ්වික සබඳතා සාමාන්‍ය තත්ත්යට ගෙන එමේ ඇමෙරිකානු වැඩපිළිවෙළ කියුබානු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝ විසින් අගය කළත්, හවානා හි සමාජවාදී දේශපාලන ප්රවාහයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බව ඔහු අවධාරණය කරයි.
එමෙන්ම, අමෙරිකාව විසින් ආර්ථික සම්බාධක හේතුවෙන් දීර්ඝකාලීනව අතිශය අසීරු අඩියක සිටි බවද කැස්ත්‍රෝ පෙන්වා දී තිබේ.
එමෙන්ම, ලබන වසරේදී පැනමාවේදී පැවැත්වෙන ඇමෙරිකානු සමුළුව වෙත තමන් පැමිණෙන බවත්, එහිදී ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හමුවන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
පසුගිය බදාදා දෙරට අතර සුවිශේෂී සංධිස්ථානයක සලකුණු ඉදිරිපත් කරමින්, කියුබාව සමග නව දීගයක යන බව ඔබාමා පාලනය පවසා සිටියේය.
වසර 50කට පසුව කියුබාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රතිපත්තියේ සැබෑ වෙනසක් ලෙස මෙම අලුත් දීගය දේශපාලන විචාරකයන් විසින් හඳුන්වා දෙන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

