ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
2016 ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා අතර පැවති අවසන් විවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදීන් අතර පැවති විවාදවලදී පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට කෙරෙන චෝදනා වැඩි වූ බැවින්, මේ විවාද අවසන් වූවා නොවැදැයි යන අස්වැසිල්ල ඇමෙරිකානු ජනතාවට ඇති විය හැකි බව ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙවර විවාදයේදීද රුසියාව කරලියට පැමිණි අතර, රුසියානු හැකරුවරුන් විසින් හිලරි ක්ලින්ටන්ගේ ඩිමොක්රටික් පක්ෂ තොරතුරු හොර රහසේ ලබාගෙන විකිලීක්ස් වෙත ලබාදෙන බවට චෝදනා නැගුණි.
එහිදී, සෘජුවම රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ට්‍රම්ප් වෙතද මෙම චෝදනා බැර වූයේ ඔහු රුසියානු රූකඩයක් බව හිලරි චෝදනා කරමිනි.
මෙවර ජනාධිපතිවරණ සටන නැරඹීම සඳහා වත්මන් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ අර්ධ සහෝදරයාද පැමිණ සිටි අතර, ඔහු ට්‍රම්ප් වෙත සහාය දැක්වීම සඳහා ඊට සහභාගී වී තිබුණි.
එමෙන්ම, හිලරි ක්ලින්ටන්ගේ ස්වාමියා වූ හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මෙන්ම, දියණිය සහ පිරිසත්, ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සහ දූ දරුවන් පිරිසත් විවාදය නැරඹීමට පැමිණ සිටියහ.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd