ඇන්ටාක්ටිකා ගවේෂකයා දිවියෙන් සමුගනී
තනිව ඇන්ටාක්ටිකාව තරණය කිරීමේ උත්සාහයක නිරත වූ බ්‍රිතාන්‍ය ජාතික ගවේෂක හෙන්රි වෝර්ස්ලි අධික වෙහෙසත්, විජලනයත් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිටපු හමුදා සාමාජිකයෙකු වූ 55 හැවිරිදි වෝර්ස්ලි, කිසිවෙකුගේ උදව්වකින් තොරව ඇන්ටාක්ටිකාව තරණය කළ පළමු මිනිසා වීමට උත්සාහ ගනිමින් සිටියේය.
ඔහුගේ සංචාරය දින 71ක් පුරා ගෙවී තිබුණු අතර, එම අවාසනාවන්ත පුවත ඔහුගේ බිරිඳ විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
අධික වෙහෙස හේතුවෙන් ශරීරයේ අවයවවල සම්පූර්ණ අක්‍රීය වීමක් සිදුව ඇති බවද කියැවෙයි.
සැතපුම් 1,100ක් දුර මෙම සංචාරය දින 80කින් නිම කිරීමට වෝර්ස්ලි සැලසුම් කර තිබුණු අතර, එහිදී, තමාට අවශ්‍ය ආහාර, ටෙන්ට් හා අනෙකුත් ආම්පන්නද ඔසවාගෙන මේ අතිශය අවදානම් ගමන ඔහු අරඹා තිබුණි.
එහිදී, අතරමගදී අවශ්‍ය වන කිසිවක් ගුවන් මගින් හෙළීමක් හෝ සුනඛයන් ලබා ලබාගැනීමක්ද ඔහුගේ මෙම සංචාර සැලසුමේ නොතිබුණු බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

