ඇන්ටනොව් යානයක් අයිවරි කෝස්ට් වෙරළට කඩා වැටේ
අයිවරි කෝස්ට් රාජ්‍යයේ, අබීඩ්ජාන් ගුවන් තොටුපොළ ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන ඇන්ටනොව් යානයක් මුහුදු වෙරළට කඩා වැටීමෙන් එහි කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
පුද්ගලයන් 10 දෙනෙකු සමග ගුවන්ගත වී තිබූ මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් වෙරළ තීරය පුරා විසිරී පවතින බව විදෙස් වාර්තා පවසයි.
මියගිය සිව්දෙනා මෝල්ඩෝවා ජාතිකයන් වන අතර, තුවාල ලැබූවන් අතර ප්‍රංශ ජාතිකයන් සිව්දෙනෙකු හා මෝල්ඩෝවා ජාතිකයන් දෙදෙනෙකු සිටිති.
ගුවන් යානය ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම කඩා වැටීම සිදුව ඇති බව කියයි.
එම අවස්ථාවේදී ප්‍රදේශයේ දැඩි වර්ෂාපතනයක් තිබුණු බවත්, අකුණු සහිත එම වර්ෂාපතනය ගුවන් යානය ගොඩබාන අවස්ථාවේදී එහි පාලනය ගිලිහී යාමට හේතු වන්නට ඇති බවත් විශ්වාස කෙරෙයි.
යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් වර්ගයේ ගුවන් යානය ප්‍රංශ හමුදාව වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදාගත් යානයක් බව සැලකෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



