ආගම් ශාස්තෘන්ට අපහාස කළ බැටළු මස් දැන්වීමක්
බුදුදහම, හින්දු දහම, කිතු දහම, ඉස්ලාම් දහම ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ආගම් සහ දර්ශනයන්ට සහ එම ශාස්තෘවරුන් දැඩි අපහාසයක් සිදුවන ආකාරයෙන් ප්‍රචාරය වන ඔස්ට්‍රේලියානු බැටළු මස් වෙළෙඳ දැන්වීමකට ඉන්දියාව රාජතාන්ත්‍රික මට්ටමින් විරෝධය දක්වා තිබේ.
විශේෂයෙන්ම හින්දූන්ගේ ගණේෂ් දෙවිඳුන් බැටළු පැටවුන්ගේ මස් බුදින ආකාරය එම රූපවාහිනී වෙළෙඳ දැන්වීමට එකතු කිරීම පිළිබඳව හින්දූන් මෙන්ම ඉන්දියානුවන් කුපිත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයේ ආයතන වෙත රාජතාන්ත්‍රික මට්ටමින් සිය විරෝධය පළ කරමින් දැනුම් දුන් බව කැන්බරා නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත.
මෙය අපහසාත්මක මෙන්ම, ආගමික විශ්වාසයන්ට රිදවීමක් ඇති කරන වෙළෙඳ දැන්වීමක් බවද අවධාරණය කරමින් එය වහා ගලවා ඉවත් කරනලෙස ඔස්ට්‍රේලියානු මස් හා පශු සම්පත් දෙපාර්තමේන්තුවටද දැනුම්දීමක් කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත.
මෙම වෙළෙඳ දැන්වීම අතරතුර එහි සිටින තරුණියකට ලැබෙන දුරකථන ඇමතුමකින් මුහම්මද් නබි තුමන්ට භෝජන සංග්‍රහයට 'සහභාගි වීමට නොහැකි වූ' බව දැක්වෙන අතර, අනාගමිකත්වය පිළිබඳවද මෙහි කතාබහ කෙරෙයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

