ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
මල්ලවපොර ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වටා ගෙතුණු සත්‍ය කතාවක් පදනම්වූ අමීර් ඛාන්ගේ දන්ගල් සිනමා කෘතිය එදාමෙදා තුර චීනයේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඉන්දීය චිත්‍රපටය බවට පත්ව තිබේ.
කාන්තා දේහ ශක්තිය මෙන්ම, සමාජ සම්මතයන් බිඳ දමමින් කාන්තාව ඉදිරියට පැමිණීම පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය නරඹන චීන ජාතිකයන් මෙවැනි චිත්‍රපටයක් චීනය තුළ නිපදවන්නේ කවදාද යන පැනය නිරන්තරයෙන් නැගීමට තරම්ම චිත්‍රපටය චීන හදවත් තුළ ලැගුම්ගෙන ඇති බව කියයි.
බොලිවුඩ් සිනමාවේ සාමාන්‍යයෙන් දැකිය හැකි ප්‍රේමාන්විත සිනමා සිත්තමක එන සරාගී ගීත හෝ නර්තනයන් අල්ප වශයෙන් යොදාගෙන ඇති මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ චරිතාංග නළුවෙකු ලෙස බොලිවුඩය දිනූ අමීර් ඛාන් විසිනි.
ඉන්දීය මල්ලවපොර ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු ලෙස මහාවීර් සිං ෆොගාට්ගේ චරිතයට පණ පොවන ඔහු ඉන්දීය සමාජ සම්මතයන් බිඳ දමමින් තම දියණිය ඉන්දියාවේ සුපිරි මල්ලවපොර ක්‍රීඩිකාවක දක්වා ඉහළට ඔසවා තබන වෙනස්ම තේමාවක් එම කතාව තුළ දැකිය හැකිය.
පසුගිය මැයි 5 වැනිදා චීනය තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීමත් සමග මේ දක්වා චිත්‍රපටයෙන් ඇ.ඩො.මිලියන 70.7ක (රු.මිලියන 10,600ක පමණ) ආදායමක් උපයා ගනිමින් බොක්ස් ඔෆීස් වාර්තාවක්ද පිහිටුවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd