දකුණු අප්‍රිකාවෙන් දෛනිකව වැඩිම ආසාදිත පිරිස 1,160ක්
- 18 05 2020
- 07:08
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
දකුණු අප්‍රිකාවේ වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ එක් දිනක වැඩිවීම 1,160කින් ඉහළ ගොස් ඇති බව එරට ජාතික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද (18දා) අලුයම වනවිට 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම ආසාදිතයන්ගෙන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙන් වාර්තා වීමද විශේෂත්වයකි.
අප්‍රිකානු කලාපය තුළ තරමක් ප්‍රමාදව පැතිරීම ආරම්භ වූ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 264කි. එමෙන්ම ආසාදිතයන්ගෙන් 7,006ක් සුවය ලබා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.