ෆොසිල ඉන්ධන නිෂ්පාදකයන් වෙත UN ප්‍රධානී චෝදනාවක්
ෆොසිල ඉන්ධන නිෂ්පාදකයන්ට සහ ඔවුන්ගේ මූල්‍ය ආධාරකරුවන්ට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් චෝදනා කර තිබේ.
ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතිය මානව පැවැත්මට නොගැලපෙන බව හොඳින්ම දැනගෙනත්, ඔවුන් නිෂ්පාදනය පුළුල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මහලේකම්වරයා මෙසේ චෝදනා කර ඇත.
පසුගියදා ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් ගුටරෙස් පැවසුවේ ගෝලීය උණුසුම පූර්ව කාර්මික මට්ටමට වඩා අංශක 1.5ක් දක්වා සීමා කිරීමේ කැපවීම ෆොසිල ඉන්ධන දුමාරය හේතුවෙන් ඉහළ යන බවයි.
“අපි දේශගුණික විපත් සමග ආලවන්ත හැඟීම් පාමින් සිටිනවා. සෑම සතියකම නව දේශගුණික බිහිසුණු කතාවක් අපට අසන්නට දකින්නට ලැබෙනවා” ගුටරෙස් පැවසීය.
ලොව විශාලතම තෙල් හා ගෑස් සමාගම්වල ඉහළ මට්ටමේ විධායකයින් දුසිම් ගණනක් ඇතුළුව ප්රකෝටිපතියන්, දේශපාලනඥයන් සහ ව්‍යාපාරික නායකයන්ගෙන් සැදුම්ලත් ඩාවෝස් සමූහය අමතමින් ගුටරෙස් ෆොසිල ඉන්ධන කර්මාන්තයට සෘජුවම දොස් පැවරීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

