ෆයිසර් - මොඩෙර්නා එන්නත් සියයට 96ක් ධනවත් රටවලට
මොඩෙර්නා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් යන සමාගම්වල කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් මාත්රාවන්ගෙන් 96%ක් කැනඩාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ධනවත් රටවල් විසින් ඩැහැගෙන ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි නවතම වාර්තාවකින් හෙළිවෙයි.
"මේ අර්බුදයෙන් මිදීමට බොහෝ රටවල් දැන් එන්නත පිළිබඳ විශ්වාසය තබා ඇති නිසා, එන්නත් කලින්ම තමන් සතු කරගැනීමට ධනවත් රටවල් තරගයක නිරතවී සිටිනවා" යැයි ඇම්නෙස්ටි හි ආර්ථික හා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රධානී ස්ටීවන් කොක්බර්න් පැවසීය.
"එකට වැඩ කරනවා වෙනුවට, අපට බොහෝ රටවල දකින්න ලැබෙන්නේ " මට පළමුවෙන්" යන ආකල්පයක් සමග කටයුතු කිරීමයි. ලෝකයේ බහුපාර්ශ්විකත්වයේ සහ ගෝලීය සම්බන්ධීකරණයේ ඌනතාව මැනවින් පිළිබිඹු වන අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකියි." හෙතෙම වැඩිදුරටත් කීවේය.
2021 දෙවැනි කාර්තුව අවසන් වන තුරු අප්‍රිකාව එන්නත් නොදකින බවට අප්‍රිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්යක්ෂ ජෝන් නෙන්ගන්ගොං අනතුරු ඇඟවීය.
නෙන්ගන්ගොං විසින් එය සදාචාරාත්මක ප්‍රශ්නයක් ලෙස හැඳින්වූ අතර, පොදු යහපතක් වන එන්නත් සම්බන්ධයෙන් මෙම උතුරු-දකුණ අවිශ්වාසය වළක්වා ගැනීම සඳහා එන්නත් සදාචාරාත්මකව හා සාධාරණව බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සැසියක් කැඳවන ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.
GAVI එන්නත සන්ධානය සහ වසංගත සූදානම නවෝත්පාදන සඳහා වන සන්ධානය (CEPI) සමග එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය, දුප්පත් රටවලට එන්නත් ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා COVAX නමින් ගෝලීය ප්රයත්නයක පෙරමුණ ගෙන සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිටුබලය ලබන COVAX සන්ධානයට මාත්‍රාව බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් සඳහා ගිවිසුම් ඇති අතර, පළමු බෙදාහැරීම් 2021 මුල් භාගයේදී සිදුවෙයි. ඒ අනුව මේ සඳහා එන්නත ලබාගැනීමට COVAX සන්ධානය ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමග සාකච්ඡා කර ඇත.



popular news
-
Kumar Saturday, 02 January 2021 10:30 PM
Pfizer vaccine require very low temperature refrigeration. In our county big hospitals had to borrow the only such refrigerator available in the county from the local university. So if any person in Sri Lanka talks of importing Pfizer vaccine, that is a lie. It is usually transported with dry ice and any airliner allowed to carry only a small quantity of dry ice. Dry ice is frozen carbon dioxide.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

