ෆයිසර් එන්නතේ මුල්ම තොගය දෙසැම්බර් 15 බෙදයි
කොවිඩ්-19 වෛරසයට එරෙහි, මේ වනවිටත් අනුමැතිය සඳහා ඉදිරියෙන්ම සිටින ෆයිසර් එන්නතේ පළමු තොගය දෙසැම්බර් මස 15දා වනවිට බෙදාහැරීම් ආරම්භ කරනු ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම්දී ඇති ලියවිල්ලකට අනුව මෙම කාල වකවානු පිළිබඳ තොරතුරු අනාවරණය වන අතර, මොඩෙර්නා එන්නතේ පළමු වැනි තොගය දෙසැම්බර් 22 වැනි දිනය වනවිට බෙදාහැරීම් සිදුවීමට නියමිතය.
ෆයිසර් එන්නත සඳහා බලය පැවරීම සලකා බැලීම සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයේ එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුව (VRBPAC) දෙසැම්බර් 10දා රැස්වේ. FDA සහ CDC හි ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව විසින් සමාලෝචනය සඳහා දෙසැම්බර් 11දා සිට දෙසැම්බර් 14දා දක්වා දින හතරක් පමණ ගතවනු ඇති බව කියැවෙයි. ඒ අනුව මෙම දළළ සටහනට අනුව දෙසැම්බර් 15 වැනි දින ෆයිසර් කොවිඩ් එන්නතෙහි පළමු තොගය මෙසේ නිකුත් කරනු ඇත.
මීළඟට, මොඩෙර්නා එන්නත දෙසැම්බර් 17දා සලකා බැලීමට නියමිතය. දෙසැම්බර් 18 සිට දෙසැම්බර් 21 දක්වා දින හතරක සමාලෝචන කාලයකින් පසුව, මොඩෙර්නා එන්නතෙහි පළමු තොගය දෙසැම්බර් 22දා වනවිට නිකුත් කිරීමට නියමිතය.
මෙම ලියවිල්ලට එන්නත් නිෂ්පාදන පුරෝකථනයක් ඇතුළත් වන අතර, ෆයිසර් එන්නත මාත්‍රා මිලියන 22.5ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියන 18ක් දෙසැම්බර් මාසයේදී නිෂ්පාදනය කෙරෙනු ඇත. මෙම එන්නත් දෙකම ඉහළ ඵලදායීතාවක් පෙන්වා ඇති එන්නත්ය.
කෙසේ වෙතත් එන්නත් සියලු දෙනාට ලබාදීමට යම් කාලයක් වැයවන නිසාත්, එය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර බෙදාහැරීම තවමත් ආරම්භ වී නොමැති නිසාත්, එන්නත් පිළිබඳ සිහින දකිමින් දැනට කොවිඩ්-19 වසංගතයෙන් ඔබව ආරක්ෂා කෙරෙන මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වන මුඛ ආවරණය, නිතර දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පැවැත්වීම කිසිදු ලෙසකින් අමතක කිරීමක් හෝ නොසලකා හැරීමක් සිදු නොකරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.


popular news
-
Kumar Wednesday, 02 December 2020 08:43 AM
In the US hospital staff will get the vaccine at first with the elderly citizens in nursing homes. I suppose in Sri Lanka politicians get the vaccine first.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

