ළමයි 67ක් සමග සංක්‍රමණික 106ක් ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේ සිටියදී බේරා ගැනෙයි
ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේ ඩිංගි බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් 100කට වැඩි පිරිසක් මානුෂීය මුදාගැනීමේ නෞකාවක් විසින් බේරාගෙන ඇති අතර, ඒ අතර ළමයින් 67 දෙනෙකු වූ බව එම මෙහෙයුම සිදුකළ යුරෝපා ආයතනයක් පවසයි.
ලිබියාවේ සිට නාවික සැතපුම් 34ක් පමණ අන්තර්ජාතික මුහුදු තීරයේ කරදරයට පත්ව තිබූ, මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගිය මෙම ඩිංගි බෝට්ටුවේ ළමයින්, කාන්තාවන් සහ පිරිමි වැඩිහිටියන් 106 දෙනෙකු සිට ඇති බව සඳහන් වෙයි.
ඒ අතර සිහිසුන්ව සිටි පුද්ගලයෙකු නෞකාවට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදී ඇති අතර, දිවි ගලවා ගත් කිහිප දෙනෙකු දැඩි මානසික පීඩාවකට පත්ව සිටි බවද කියැවෙයි.
බේරාගත් සංක්‍රමණිකයින්ට පිරිමින් 31 දෙනෙකු, කාන්තාවන් 08 දෙනෙකු සහ ළමයින් 67 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 51 දෙනෙකු බලහත්කාරයෙන් මෙම ගමනට එක්කරගෙන ඇති බවද සඳහන් වෙයි.
පසුගිය වසරේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කරමින් සිටියදී 1,200 කට වැඩි පිරිසක් මිය ගිය බව විශ්වාස කෙරේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

