ළමයින්ට එන්නත් විදීමට පෙර දුගී රටවලට දෙන්න
පොහොසත් රටවල් ඒ රටවල ළමයින් සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් ලබාදීමට පෙර ඒවා අඩු ආදායම්ලාභී රටවල පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් අවධාරණය කරයි.
"එන්නත් බහුතරයක් ඇති ධනවත් රටවල් අතළොස්ස විසින්, අඩු අවදානම් කණ්ඩායම්වලට දැන්මම එන්නත ලබා දී තිබෙනවා." ජිනීවා නුවරදී මාධ්‍ය හමුව අමතමින් ටෙඩ්රොස් පැවසීය. "සමහර රටවල් තම රටවල දරුවන්ට සහ නව යොවුන් දරුවන්ට එන්නත් ලබාදීමට කැමති ඇයිද කියා මට තේරෙනවා."
"නමුත් මේ මොහොතේ, මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ නැවත ඔවුන්ගේ වැඩපිළිවෙළ සලකා බලන ලෙසයි. ඒ වෙනුවට, COVAX වැඩසටහන වෙත එන්නත් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනවා" ටෙඩ්රොස් පැවසීය. "අඩු හා පහළ මධ්‍යම ආදායම් ලබන රටවල, සෞඛ්‍ය සේවකයන්ට ප්‍රතිශක්තිකරණය ලබාදීමට තරම්වත් එන්නත් සැපයීම දැනට ප්‍රමාණවත් නැහැ. හදිසි ජීවිතාරක්ෂක සත්කාර අවශ්‍ය පුද්ගලයන්ගෙන් රෝහල් යටවෙලා. එවැනි මොහොතක මෙය සලකා බැලිය යුතුමයි."
COVAX යනු WHO හි ගෝලීය එන්නත් බෙදාගැනීමේ වැඩසටහනය. එය එය අඩු ආදායම්ලාභී රටවලට එන්නත් මාත්‍රාවන් බෙදාහැරීම සිදුකරන ගෝලීය මුලපිරීමකි.
"මේ වනවිට අඩු ආදායම්ලාභී රටවලට යන්නේ එන්නත් සැපයුමෙන් 0.3%ක් පමණයි" ටෙඩ්රොස් පැවසීය. "ධනවතුන්ට පමණක් ප්රතිලාභ ලැබෙන ට්‍රිකල්-ඩවුන් න්‍යාය මේ එන්නතට යොදාගැනීම, මාරාන්තික ශ්වසන වෛරසයකට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් වන්නේ නැහැ."
ටෙඩ්රොස් මෙම අදහස් දැක්වීමේදී කිසිදු ආකාරයකින් නිශ්චිතව ධනවත් රටවල්වල නම් සඳහන් නොකළද, ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය මේ සතියේ වයස අවුරුදු 12 සිට 15 දක්වා පුද්ගලයින් සඳහා ෆයිසර්ගේ කොවිඩ්-19 එන්නත ලබාදීමට අනුමැතිය ලබාදී ඇති බව නොරහසකි.




popular news
-
Kumar Friday, 14 May 2021 10:55 PM
WHO idea is great. Are there any politicians ready to tell grieving the parents of a dead child that the vaccine was given to a poor country? Most so called poor countries politicians are filthy rich and everything is done to enrich the family.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

