ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුකරන උත්සාහයන් වැළැක්වීමට උදව් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබේ. මෙම සමුද්‍ර සන්ධිය ලෝකයට ඉතාමත් වැදගත් වෙළඳ මාර්ගයක් වන අතර, ලෝකයේ තෙල් හා ගෑස් වලින් හතරෙන් එකක් පමණ ඒ හරහා ගමන් කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව මේ වන විටත් අනුමැතිය ලබා දී ඇති අතර එහි අවසන් තීරණය ඉරාන උත්තරීතර නායකයා විසින් ගැනීමට නියමිතය.
"බීජිංහි චීන රජයට ඒ ගැන කතා කරන ලෙස මම දිරිමත් කරමි, මන්ද ඔවුන් තම තෙල් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය මත දැඩි ලෙස රඳා පවතිනවා." රුබියෝ ෆොක්ස් නිවුස් හි පැවසීය.
"ඔවුන් එසේ කළහොත්, (ඉරානය හෝමූස් සන්ධිය වසා දැමුවහොත්) එය තවත් භයානක වැරැද්දක් වනු ඇත. ඔවුන් එසේ කළහොත් එය ඔවුන්ට ආර්ථික සියදිවි නසා ගැනීමකි."
තෙල් සැපයුමට සිදුවන ඕනෑම බාධාවක් ගෝලීය ආර්ථිකයට ගැඹුරු ප්‍රතිවිපාක ඇති කරන අතර, චීනය, ඉන්දියාව සහ ජපානය වැනි ප්‍රධාන ආනයනකරුවන්ට මේ හරහා දැඩි බලපෑමක් ඇති වනු ඇත.