හොංකොං විරෝධතා ත්‍රස්තවාදී ක්‍රියාවක් වගෙයිලු - චීනය කියයි
හොංකොං හි 11 වැනි සතියටත් පවතින නොසන්සුන්තාව හා උද්ඝෝෂණ තවදුරටත් ඉහළ යමින් පවතින පරිසරයක, විරෝධතාකරුවන් පාලනය සඳහා චීන මධ්‍යම රජයේ අතපෙවීමේ සූදානමක් වාර්තා වෙයි.
විශේෂයෙන්ම, මෙම විරෝධතා රැල්ල චීන මධ්‍යම රජය විසින් දැනටමත් දැඩිව හෙළා දැක ඇති අතර, ඔවුන් සිය ඉවසීමේ සීමාව ඉක්මවා සෘජු මැදිහත්වීමක් හොංකොං වෙත සිදුකරනු ඇතැයි විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබූ හොංකොං රාජ්‍ය වෙත චීන මධ්‍යම රජයේ හමුදා මැදිහත්වීමක් සිදුවිය යුතු නම්, එය අනිවාර්යයෙන්ම හොංකොං රජයේ ඉල්ලීමක් මත සිදුවිය යුතු අතර, එය මහජන සාමය හා ආපදා සහන කටයුත්තක් වෙනුවෙන් පමණි.
කෙසේ වෙතත්, මහජන චීනයේ විමුක්ති හමුදාවේ භටයන් 5,000ක් පමණ දැනටමත් හොංකොං රාජ්‍ය තුළ රැඳී සිටින අතර, මෙය ඉතා කුඩා අගයක් වුවත්, සංකේතාත්මකම මහජන චීන සමූහාණ්ඩුවේ ස්වාධිපත්‍යය කියාපාන අවස්ථාවක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

