හිටපු රුසියානු ජනපතිගෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීම්
යුක්රේන යුද්ධයේදී රුසියාවට උපායමාර්ගික පරාජයක් අත්කර දීමට ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කරන බව පවසන හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙදේවෙදෙව්, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමේ අයිතිය රුසියාවට ඇති බව අවධාරණය කරයි.
ඒ අනුව, මෙම සටනේදී න්‍යෂ්ටික අවි ආයුද යොදා ගැනීමේ අයිතියද රුසියාවට ඇති බව පෙන්වා දෙන මෙද්වෙදෙව්, අමෙරිකානු හිතවාදීන්ටද මින් ගැලවීමක් නොමැති බව පෙන්වා දෙයි.
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ දෙවැනියා ලෙස කටයුතු කරන මෙද්වෙදෙව්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ දේශනයට පසුදින මෙම අදහස් දැක්වීම සිදුකිරීමද විශේෂත්වයකි.
විශේෂයෙන්ම, ලෝකයේ න්‍යෂ්ටික අවි ආයුද අතින් ඉදිරියෙන්ම සිටින රුසියාව කිසියම් මොහොතක න්‍යෂ්ටික අවියක් භාවිත කිරීම, ලෝකයේ ඉදිරි අනාගතයටද දැවැන්ත තර්ජනයක් වන අතර, විශේෂයෙන්ම න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ උතුරු කොරියාවද නවතාලිය නොහැකි අවස්ථාවක් වනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

