ඊජිප්තුවේ බලයෙන් පහ කෙරුණු හිටපු ජනපති මොහොමඩ් මොර්සි වෙත එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
2011 දී එරට ඇතිවූ ජනතා උද්ඝෝෂණ අවස්ථාවේදී සිරකඳවුරකට කඩා වැදී පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ චෝදනාව මත මෙම මරණ දඬුවම නියම වී ඇති අති අතර, ඔහු සිය පාලනය කාලය තුළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම් සහ ඔවුන්ට වදහිංසා පැමිණවීම් සඳහා අණදීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ, දැනටමත් විසි 20ක සිරදඬුවම් විඳිමින් සිටියි.
කෙසේ වෙතත් මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මකවීමට පෙර එහි අවසන් තීරණය ලබාදීම ඊජිප්තු ආගමික නායකයන්ට පැවරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
ඒ අනුව එහි අවසන් තීන්දුව ලබන ජූනි 02 වැනිදා ලබාදීමට නියමිතව තිබේ.