හැරී සහ මේගන් රාජකීය යුවළ ප්‍රථම නිල සංචාරය ඕෂනියාවට
සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් කුමරිය ඔස්ට්‍රේලියාව, ෆීජි, ටොංගා සහ නවසීලන්තය යන රටවල නිල සංචාරයක් ආරම්භ කර තිබේ.
පසුගිය මැයි මාසයේදී විවාහපත් වීමෙන් පසුව නව යුවළ විසින් සිදුකරන පළමු වැනි නිල සංචාරය ලෙස මෙය හැඳින ගැනෙයි.
දින 16ක් පුරා ඇදෙන මෙම සංචාරයේදී එලැඹෙන සෙනසුරාදා සිඩ්නි නුවරදී ඇරඹෙන ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් වූ ක්‍රීඩා උළෙලටද සහභාගී වනු ඇත. මෙය හැරී කුමරු විසින්ම මෙම රණ විරුවන්ට උපහාරයක් ලෙස අරඹන ලදී.
ඊට අමතරව, තවත් නිල උත්සව රැසකට මෙම සමස්ත සංචාරය තුළදී නව රාජකීය යුවළ සහභාගී වීමට නියමිතය.
සිඩ්නි නුවර ගුවන් තොටුපළ වෙත ගොඩබැසීමත් සමග විශාල මාධ්‍ය කණ්ඩායමක් ඔවුන් වටකර ගත් අතර, අති විශේෂ ආරක්ෂාවක්ද ඔවුන් වෙනුවෙන් සලසා තිබුණි.
හැරී කුමරුගේ දෙමවුපියන් වන චාල්ස් සහ ඩයනා කුමරියගේ පාරේ යමින් ඔවුන්ද සිය විවාහයෙන් පසු ප්‍රථම සංචාරය මෙසේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් සිදුකරයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

