හිම ගංගාවේ සිරවී සිටි සුනඛයා බේරාගත් පසු වෘක්කයෙක් වෙලා
එස්තෝනියාවේ කාරුණික හදවත් ඇත්තන් පිරිසක් විසින් හිමෙන් වැසුණු ගංගාවක සිරවූ සුනඛයෙකු බේරාගෙන පශු වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීමේදී තමන් බේරාගෙන ඇත්තේ සුනඛයෙකු නොව වෘක්කයෙකු බව හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, පාර්නූ ගංගාව ආශ්රිත සින්ඩි වේල්ලේ කටයුතු කර ඇති මෙම සේවකයන් පිරිස අයිස් මත සිරවූ මෙම සත්වයා හඳුනාගෙන ඇත.
පසුව ඔවුන් ඉදිරිපත්ව ඉතා අපහසුවෙන් එම ස්ථානයට ගොස් ඌ යළි රැගෙන පැමිණ ඔවුන්ගේ මෝටර් රථයේ නංවාගෙන පශු වෛද්‍යවරයා වෙත යොමුකර තිබේ.
කෙසේ වෙතත්, මුලින්ම පශු වෛද්‍යවරුද මෙම සත්වයා වෘක්කයෙකු බව හඳුනාගෙන නොමැති අතර, පසුව ඌ සුනඛයෙකු නොව වෘක්කයෙකු බව තහවුරු කරගෙන තිබේ.
නමුත්, මෙම සත්වයා බේරාගත් පිරිස් පවසා සිටියේ ඔවුන්ගේ මෝටර් රථයෙන් ඌ රැගෙන එන විට කිසිදු විශේෂත්වයක් නොපෙන්වූ බවත්, ඉතා නිසොල්මන්ව පැමිණි බවත්ය.
කෙසේ වෙතත්, මෙම වෘක්කයාට ප්‍රතිකාර කිරීමෙන් පසු විශේෂ ජී.පී.එස්. කරපටියක් සමග ඌ වනයට මුදාහැරීමට පශු වෛද්‍යවරු කටයුතු කර තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                