සෞදි ගුවන් තොටුපොළක් වෙත හොයුතු ගුවන් ප්රහාරයක් එල්ල වේ
- 12 06 2019
- 17:10
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
යේමනයේ හොයුතු සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල ප්රහාරයක් නිරිතදිග සෞදියේ ගුවන් තොටුපොළක් වෙත පතිත වීමෙන් සිවිල් වැසියන් 26 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
අභා ගුවන් තොටුපොළ වෙත අද උදෑසන කාලයේදී එල්ල වී ඇති මෙම මිසයිල ප්රහාරයෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනකුද සිටින බව කියයි.
මේ අතර, සටන්කාමීන් විසින් මෙම ප්රහාරය සාර්ථක වූ බව සඳහන් කර ඇත.
යේමන රජයේ හමුදාවන් හොයුතු සටන්කාමීන්ට එරෙහිව ගෙනයන සටනේ ඒකාබද්ධ සටන් පෙරමුණේ සෞදි අරාබියද කටයුතු කරයි.
2015 මාර්තු මාසයේදී යේමනයේ බටහිර පෙදෙසින් වැඩි කොටසක් හොයුතු සටන්කාමීන් විසින් අත්පත් කරගත් අතර, ජනපති අබ්ද්රබ්බූහ් මන්සූර් හාඩි රට හැර පළා ගියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
