සෝමාලියාවේ ගෝලීස් කඳුකරයේ ISIS ත්රස්තයන්ට ඇමෙරිකානු ප්රහාර
- 26 10 2019
- 23:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
සෝමාලියාවේ, ගෝලීස් කඳුකර ප්රදේශයේ සිටින ISIS ත්රස්තයන් ඉලක්ක කරගෙන එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් ගුවන් ප්රහාරයක් එල්ල කර තිබේ.
එක්සත් ජනපද අප්රිකානු විධානය විසින් ක්රියාත්මක කර තිබූ මෙම ගුවන් ප්රහාරයෙන් ත්රස්තවාදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම කඳුකර ප්රදේශය ජිහාඩ් ත්රස්තයන් නිතර ගැවසෙන ප්රදේශයක් ලෙස හඳුනාගෙන තිබේ.
සෝමාලි ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව මෙම ගුවන් ප්රහාරය එල්ල කර ඇති අතර, සෝමාලි ජනතාව ත්රස්තවාදීන්ගෙන් බේරාගැනීමේ අරමුණින් මෙම ප්රහාරය එල්ල කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
