සෙලෙන්ස්කි නම නොබෙල් ත්‍යාග ප්‍රධානීන් ඉවත දමලා
නොබෙල් සාම ත්‍යාගය සඳහා නාමයෝජනා ලබාදීම සඳහා ජනවාරි 31දායින් පසු අවසන්ව ඇති නිසා එහි කාලය දීර්ඝ කිරීමට නොහැකි බව නෝර්වීජියානු නොබෙල් ආයතනයේ අධ්යක්ෂ පවසයි.
නොබෙල් සාම ත්‍යාග කමිටුවට යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නම යෝජනා කිරීම වෙනුවෙන්, යුරෝපා සංගම් දේශපාලනඥයන් විවෘත ලිපියකින් සිදුකර ඇති ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.
කමිටු සාමාජිකයන්ට තම නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය එහි පළමු විධිමත් රැස්වීම තෙක් පවතින බව ඔහු පැවසීය. මෙය දැනටමත් පෙබරවාරි 28 වැනි දින සිදුවී ඇති බැවින් දැන් ප්‍රමාද වැඩි බව හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් ඇතුළුව හිටපු සහ වත්මන් යුරෝපා සංගමයේ නිලධාරීන් 36දෙනෙකු විවෘත ලිපියට අත්සන් කර තිබුණි.
සෙලෙන්ස්කිගේ යෝජනාවට පහසුකම් සැලසීම වෙනුවෙන්, සාම ත්‍යාග නාමයෝජනා සඳහා වන අවසාන දිනය මාර්තු අවසානය දක්වා දීර්ඝ කරන ලෙස නොබෙල් කමිටුවෙන් ඔවුන්ගේ ඉල්ලීම විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

