සීමා ලිහිල් කිරීම් ඉක්මන් වීම ආසාදන වැඩි කරාවි - WHO
- 1 07 2020
- 06:41
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොරෝනා වෛරසය සඳහා පැනවූ සීමා කිරීම්, ඉක්මනින් ලිහිල් කරන රටවල, ප්‍රාන්ත සහ නගරවල නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ කලාපීය අධ්යක්ෂ කැරිසා එටියන් පවසයි.
එක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තය සහ නිව්යෝර්ක්හි නව ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ පහළ යෑමක් දක්නට ඇති නමුත්, තවත් ප්‍රාන්ත 27ක් ඉතා දරුණු වර්ධනයක් වාර්තා කරන බව ඇය පැවසුවාය.
ජුනි 29 වනවිට කොවිඩ්-19 හේතුවෙන් සමස්ත ඇමෙරිකානු කලාපයේ ආසාදිතයන් මිලියන 5.1ක් සහ මරණ 247,000කට වඩා වාර්තා වී තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
