සීනොෆාම් ශ්‍රී ලංකාව අනුමත කළ බව චීන මාධ්‍ය පවසයි
හදිසි භාවිතය සඳහා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන උපුටා දක්වමින් චීන මාධ්‍ය වාර්තා කරයි.
ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් වී එන්නත්වලින් පසු රට තුළ අනුමත කරන ලද තුන්වැනි කොවිඩ්-19 මර්දන එන්නත මෙය බවද සඳහන් කර තිබේ.
ඉදිරිපෙළ කාර්ය මණ්ඩලවලට සහ සෞඛ්‍ය සේවකයන්ට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීමෙන් පසු පෙබරවාරි මැද භාගයේ සිට නාගරික බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි අයට එන්නත් කිරීම ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල එන්නත් කිරීමේ වැඩසටහනක් මධ්‍යයේ සිටින බවද චීන මාධ්‍ය පෙන්වා දෙයි.
ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලැබුණු බවත්, වයස අවුරුදු 60ට වැඩි අයට ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් කෝවාක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව 264,000ක්ද ලැබුණු බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

