සිරියානු විපක්ෂය හා රජය අද මුහුණට මුහුණ සාකච්ඡා
සිරියානු විපක්ෂය හා රජය අද ජිනීවා නුවරදී මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසෙයි.
සිරියානු ගැටලුව විසඳීම සම්බන්ධයෙන් සෘජු සාකච්ඡාවකින් තොරව අවසන් වූ සාම සමුළුවේ පළමු වැනි දිනයෙන් පසුව මේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වෙන බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ නියෝජිත ලඛ්දාර් බ්රහීමී සිකුරාදා දිනයේදී මෙම පාර්ශ්ව දෙකම හමුවූ සාකච්ඡා කළ අතර, මෙම සමුළුව පැවැත්වෙන්නේ සිරියාව ආරක්ෂා කරගැනීමට යන්න දෙපාර්ශ්වයම තේරුම් ගත් බවද හෙතෙම පවසා ඇත.
මීට පෙර මේ දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කර ගත්තේ සාම සාකච්ඡාවල ප්රගතියක් නොමැති බව පවසමිනි.
ඒ අනුව, එක්වරම පුළුල් සාම ගිවිසුමක් වෙත යෑමට පෙර එක් එක් ප්රදේශ ඉලක්ක කරමින් තාවකාලික සටන් විරාම ඇති කරමින්, එය ක්රමයෙන් සමස්තය දක්වා වර්ධනය කර පුළුල් සාම වැඩපිළිවෙලක් වෙත යෑම සාම සමුළුවේ අරමුණ බව රාජතාන්ත්රිකයෝ පවසති.
	.jpg) 
	.jpg) 
	.jpg) 
	.jpg) 
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                