එක්සත් ජනපදය සහ ඉරානය ගිවිසුමකට එළඹ ඇති බවට පකිස්තානය නිකුත් කළ වාර්තාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කර තිබේ.
"ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ගිවිසුම දැන් සම්පූර්ණයි," යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලින් පැවැසිය.
"මම මෙයින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට සම්පූර්ණයෙන්ම අවසර දෙන අතර, ඒ සමඟම, එක්සත් ජනපද නාවික අවහිරය වහාම ඉවත් කිරීමට අවසර දෙමි," ඔහු පවසයි.
"ලෝකයේ නැව්, ඔබේ එන්ජින් ආරම්භ කරන්න. තෙල් ගලා යාමට ඉඩ දෙන්න!"