සාධාරණ ලෝක පිළිවෙලක් චීනය-රුසියාව ඉදිරියට ගනී
මොස්කව් පාලනය පෙබරවාරි 24දා යුක්රේනයේ හමුදා මෙහෙයුම දියත් කිරීමෙන් පසු ප්‍රථම වතාවට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් බදාදා, ඔහුගේ චීන සගයා වන වැන්ග් යී හමුවී සාකච්ඡා පවත්වා තිබේ. බොහෝ බටහිර ජාතීන් හා සමහර ආසියාතික රටවල්වල ක්‍රමවේදයෙන් බැහැරට ගොස්, චීනය කිසිවිටෙකත් රුසියාව හෙළා දැකීමට කටයුතු නොකළ අතර, රුසියාවට සම්බාධක පැනවීමටද විරුද්ධ විය.
අසල්වැසි රටවල් බහු ධ්‍රැවීය, සාධාරණ සහ ප්රජාතන්ත්රවාදී ලෝක පිළිවෙලක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරනු ඇතැයි ලැව්රොව් චීනයේ, අන්හුයි පළාතේ ටන්සි නගරයට පැමිණීමෙන් පසු සඳහන් කළේය.
ආර්ථික සීමාවන් ලෝක වෙළෙඳාම කඩාකප්පල් කරන අතර, ගැටුම විසඳන්නේ නැතැයි බීජිං තර්ක කරනු ලැබීය. නිලධාරීන් අවධාරනය කරන්නේ සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පමණක් සාමයට මඟ පෑදිය හැකි බවයි.
ජාතීන් දෙක අතර සබඳතාවලට "නව අභියෝග" තිබියදීත්, "ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැමැත්ත වඩාත් ශක්තිමත් වී ඇති" බව වැන්ග් අවධාරණය කළේය.
රුසියාව සමග චීනයේ සබඳතා "ලෝකයේ වඩාත්ම තීරණාත්මක ද්විපාර්ශ්වික සබඳතාවන්ගෙන් එකක්" බව ඇමතිවරයා ප්‍රකාශ කළ අතර, දෙරට අතර මිත්‍රත්වය "යකඩ ආවරණයක්" ලෙස සඳහන් කළේය.


popular news
-
Kumar Thursday, 31 March 2022 02:46 AM
oya kiyanney thamata sithuna onama awastha swadeena ratakat prahar elle karala yatatha karanna puluwan kiyala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

