ස්පාඤ්ඤයේ කොවිඩ් ආසාදිත පිරිස 200,000ක් ඉක්මවා යයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරු වූ සමස්ත ස්පාඤ්ඤ ආසාදිතයන් පිරිස 200,210ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා ස්පාඤ්ඤයේ පුද්ගලයන් 20,852 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත් එරට තුළ ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතයේද යම් ඉහළ යෑමක් දැකිය හැකි අතර, සමස්ත සුවය ලැබූවන් පිරිස 80,587කි.
මාර්තු 25දා අලුතින් ආසාදිතයන් 10,000කට වැඩි පිරිසක් එරට සංඛ්‍යාලේඛනවලට එක්ව තිබුණේ දෛනික වැඩිම ආසාදිත පිරිස ලෙසිනි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ක්‍රමයෙන් ආසාදිතයන්ගේ වක්‍රය පහතට ගමන් කරමින් අප්‍රේල් 14දා වනවිට දෛනික ආසාදිත පිරිස 2,400ක් දක්වා පැමිණ තිබුණි.
නමුත් යළිත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති ස්පාඤ්ඤයේ ආසාදිතයන් අප්‍රේල් 19දා දිනයේ 7,000ක දෛනික ආසාදිත අගයක් පෙන්වා තිබුණි.
විශේෂයෙන්ම පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවීම මෙහිදී කැපීපෙනෙන තත්ත්වයක් වන අතර, ආසාදිත වක්‍රය පැතලිව තබාගැනීමට නම් මෙම පොකුරු ආසාදිතයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකිරීමේ වැදගත්කම මින් ඉස්මතු වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

