සරත් සෘතුවේ ඇමෙරිකානු කොවිඩ් ඉහළ යාවි - ෆවුසි
ඉදිරි සති කිහිපය තුළ කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් සිදුවනු ඇතැයි තමා සිතන බවත්, කෙසේ වෙතත් රෝහල්ගතවීම් පෙර පරිදි ඉහළ යනු ඇතැයි අපේක්ෂා නොකරන බවත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
"මම හිතන්නේ, ඉදිරි සති දෙක තුළ අපි ආසාදනවල ඉහළ යාමක් දකිනු ඇතැයි අපි අපේක්ෂා කළ යුතුයි. කොහොම වුණත්, බොහෝ රෝහල් ගතවීම් සිදුනොවන ලෙස ප්‍රමාණවත් පසුබිම් ප්‍රතිශක්තියක් ඇති බව බලාපොරොත්තු වෙනවා." ෆවුසි විස්තර කළේය.
ඔමික්‍රෝන් හි BA.2 ප්‍රභේදයද ඇති එක්සත් රාජධානිය උදාහරණයක් ලෙස ඉදිරිපත් කරමින් එක්සත් ජනපදය බොහෝ විට වෙනත් රටවල් අනුගමනය කරන බව ෆවුසි නැවත අවධාරණය කළේය.
බොහෝවිට එක්සත් රාජධානියේ මුඛ ආවරණ ඉවත් කිරීම සහ ගෘහස්ථව එක්රැස්වීම සඳහා වන සීමාවන් ඉවත් කිරීම මෙන්ම ප්‍රතිශක්තිය අඩුවීමක් සිදුවී තිබීම යන සියලු කාරණා ආසාදිතයන් යළි වැඩිවීමට හේතුව බවද හෙතෙම පැවසීය.
එක්සත් රාජධානියේ පැවති එම තත්ත්වය එක්සත් ජනපදයේද පවතින බව ෆවුසි පැවසීය. "ඉතින්, අපි ආසාදනවල ඉහළ යාමක් දුටුවහොත් මම පුදුම වන්නේ නැහැ. තවත් ආසාදන අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති විට එම වැඩිවීම ප්‍රබල ඉහළ යාමක් බවට පත්වේ දැයි අනාවැකි කීමට අනවශ්‍යයි."



popular news
-
Kumar Saturday, 09 April 2022 01:41 AM
maydinawala amerikawe samanagrayaka kreeda tharanga saha wasantha uthsawa pavathina nisa wenna athi. Lankawe urenuragatimen uggoshanaya karana ayata covid hadenna ida athibawa kavuruwatha kiyanna bayada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

