සමාජ ජාල මාධ්‍ය වෙත දැඩි නියාමනයක් අවශ්‍යයි - බ්‍රිතාන්‍යය
ව්‍යාජ ප්රවෘත්ති, ව්‍යාජ තොරතුරු බ්‍රිතාන්‍ය වෙලාගෙන ඇති බැවින් සමාජ ජාල මාධ්‍ය ආයතන වෙත දැඩි නියාමනයක් සිදුකළ යුතු බවට එරට විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් නිර්දේශ කර තිබේ.
බහුලව දැකිය හැකි අනර්ථයක් ඇති කරන අදහස් සහ පෞද්ගලික දත්ත අවභාවිතය බ්‍රිතාන්‍යයේ ප්රජාතන්ත්රවාදය අර්බුදයකට ලක්කර ඇති බවද මෙම කමිටුව අනතුරු අඟවා තිබේ.
ව්‍යාජ ප්රවෘත්ති හා ව්‍යාජ තොරතුරු හා බැඳී පැවති විවාදයට තුඩුදුන් කේම්බ්‍රිජ් ඇනලටිකා දත්ත අවභාවිතය පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා පිළිබඳ විශේෂ කමිටුව විසින් සිදුකරන ලද විමර්ශනයක වාර්තාව ඉදිරිපත් කරමින් මෙම තොරතුරු අනාවරණය සිදුකර ඇත.
ඒ අනුව, ඔවුන්ගේ ප්‍රථම විමර්ශන වාර්තාවෙන් දැඩිව කරුණු දක්වා තිබෙන්නේ සමාජ ජාල මාධ්‍ය දැඩි වාරණයකට ලක්කළ යුතුව ඇති බවයි.
එමෙන්ම, ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් වෙනුවෙන් අතපෙවීමට ඇති හැකියාව වැළැක්වීමේ පියවර ගත යුතුව ඇති බවද එහි දක්වා තිබේ.
මෙම කමිටු වාර්තාව අද (28දා) නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

