වොෂිංටන් වෙඩි තැබීමකින් දැරියක් මරුට - 5කට තුවාල
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී. හි ඊයේ (16දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් 6 හැවිරිදි දැරියක් මිය ගොස් වැඩිහිටියන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
රාත්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම වාර්තා වන්නේ, වොෂිංටන් දිස්ත්‍රික්කයේ ගිනිකොන දෙසිනි.
මෙම ගිම්හානයේදී එක්සත් ජනපද නගරයන්හි යළිත් හිස ඔසවා ඇති ගනිඅවි ප්රචණ්ඩත්වයේ නවතම සිදුවීම මෙම වෙඩි තැබීමයි.
ගිනිඅවි හිංසනය පිළිබඳ ලේඛනාගාරයට (GVA) අනුව මේ වසරේ මේ දක්වා සමූහ වෙඩි තැබීම් 361ක් සිදුව තිබේ. එහිදී සමූහ වෙඩි තැබීමක් අර්ථ දක්වා ඇත්තේ, වෙඩික්කරුවෙකු විසින් හතර දෙනෙකු හෝ වැඩි ගණනක් වෙත වෙඩි තැබීම් සිදුකළ සිදුවීම්ය.
කොවිඩ් -19 සීමාවන් ඉවත් කිරීම සහ උණුසුම් කාලගුණය හේතුවෙන් වැඩි පිරිසක් නිවෙස්වලින් පිටතට පැමිණීමත් සමග නගරවල වෙඩි තැබීම් සහ මිනීමැරුම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක සහකාර ප්‍රධානී අෂාන් බෙනඩික්ට් පැවසුවේ ප්‍රදේශයේ නිලධාරීන්ට වෙඩි හඬ ඇසුණු බවත් ඔවුන් එම ස්ථානයට වහාම කණ්ඩායමක් යොමු කළ බවත්ය.
දරුවා ප්‍රාදේශීය රෝහලකට ගෙන ගියත්, එහිදී ඇය මියගොස් ඇති බව බෙනඩික්ට් පැවසීය.
මීට අමතරව, වැඩිහිටි පිරිමින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති නමුත්, ඔවුන්ගේ ජීවිතයට තර්ජනයක් නොවන තුවාල ලබා ඇති බව බෙනඩික්ට් පැවසීය.
බෙනඩික්ට් පවසන පරිදි සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

