වෙනිසියුලා මුදල් ඒකකය කඩා වැටී සල්ලි වීල්බැරෝවල ගේන්න වෙලා
වෙනිසියුලාව යනු එවකට හියුගෝ චාවේස්ගේ නායකත්වයෙන් බැබලුණු, තෙල් සම්පතින් ආඪ්‍ය වූ රාජ්‍යයක් වුවත්, එය වර්තමාන නිකොල්ස් මධුරෝ පාලනය යටතේ දැවැන්ත ආර්ථික අර්බුදයකට මැදිව පවතී.
ස්වභාවික සම්පතින් පොහොසත් රටක් වුවත්, දුර්වල රාජ්‍ය පාලනය හමුවේ වෙනිසියුලානුවෙකුට අද දවසේ තරමක කුකුලෙක් තම ආහාර වේලට සපයා ගැනීමට නම් වීල්බැරෝවක් පුරවා මුදල් රැගෙන යාමට සිදුව ඇත.
රොයිටර් පුවත් සේවය පවසන්නේ කි.ග්රෑ.2.4ක කුකුලෙක් මිලදී ගැනීමට වෙනිසියුලානු බොලිවාර් ලක්ෂ 146ක් අවශ්‍ය බවයි. එතරම් දැවැන්ත අගයක් කියවුණත්, වීල්බැරෝවක් පුරාව රැගෙන යන එම මුදල් සම්භාරයේ වටිනාකම ඇ.ඩො.2.22ක් පමණි. එනම්, ආසන්න වශයෙන් රු.355කි.
ආර්ථික අර්බුදය හමුවේ වටිනාකමක් නොලබන බොලිවාර් මුදල් නෝට්ටු එරට කසල බඳුන් තුළද දැකිය හැකිය.
අද වනවිට බ්‍රසීලය, ඉක්වදෝරය, කොලොම්බියාව සහ පේරු යන රාජ්‍යයන් වෙත වෙනිසියුලානුවන් දහස් ගණනින් ඇදී යන්නේද මේ අරාජික රාජ්‍ය තුළ තවදුරටත් ජීවත්වීමට වටපිටාවක් ඔවුන් නොදකින බැවිනි.



popular news
-
රජින්ද Thursday, 23 August 2018 11:25 AM
මේ පාලනය අපේ රටේ මේ විදිහටම පැවතුනොත් මට හිතෙන්නේ අපේ මිනිස්සුත් රු. පන්දාහේ නෝට්ටු වලින් ලිප පත්තු කරන කාලේ වැඩි ඈතක නෙවෙයි කියලා. අපේ රට යන්නෙත් අප්‍රිකානු කලාපයේ සහ දකුණු ඇමෙරිකානු කලාපයේ මොඩලයටමයි. අසාර්ථක රාජ්‍ය තන්ත්රයේ සියලුම සුදුසුකම් වත්මන් යහපාළුවන් විසින් පුර්ණ කරමින් පැවතීම ඉතා අවාසනාවන්ත සිදුවීමකි.
Reply : 3 63
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

