වූහාන් සිසුන් 60,000ක් පමණ අද යළි පාසල් ගමන අරඹලා
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පසුගිය ජනවාරි මාසයේ සිට අගුලුදමා තිබූ චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නගරයේ උසස් පාසල් හි ජ්‍යෙෂ්ඨ සිසුන් අද (06දා) යළිත් සිය පාසල් ගමන අරඹා තිබේ.
අගුලු දැමුණු කාලය තුළ එම නගරයට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටතට යාමට ඉඩ නොදී නගරය තුළ චලනය සීමා කිරීමට චීන බලධාරීන් කටයුතු කළේය.
කෙසේ වෙතත් වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීමත් සමග අප්‍රේල් මස මුලදී දේශසීමා විවෘත කිරීම, දේශීය ගමන් නැවත ආරම්භ කිරීම සහ සමහර ව්‍යාපාර නැවත විවෘත කිරීමට ඉඩ ලබාදී තිබුණි.
ඒ අනුව අද දින වුහාන් හි සිසුන් 57,800ක් නැවත පන්තියට පැමිණෙන බව හුබෙයි පළාත් බලධාරීන්ගේ නිවේදනයක දැක්වේ. උසස් පාසල් 83ක් සහ වෘත්තීය පාසල් 38ක් ඇතුළුව නගරයේ පාසල් 121ක් පමණ නැවත විවෘත වේ.
චීනයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය හෙවත්වි 'ගාඕ කාවෝ' සඳහා සූදානම් විය යුතු බැවින් උසස් පාසල්හි ජ්‍යෙෂ්ඨ සිසුන් නැවත පාසල් පැමිණෙති. මෙම විභාගය සාමාන්‍යයෙන් සෑම වසරකම ජුනි 7-8 දිනවල පැවැත්වෙන නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් මේ වසරේ ජූලි 7-8 දක්වා කල් තබන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

