වීදුරු බාධකයකින් වෙන්ව හැරිස් හා පෙන්ස් විවාදයට
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රමුඛ, ධවල මන්දිරයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ රැසක් නව කොරෝනා වෛරසයට ගොදුරුවීම නිසා උප ජනාධිපති විවාදය වත්මන් උප ජනාධිපති මයික් පෙන්ස් හා කැලිෆෝනියා සෙනට් සභික කමලා හැරිස් සමග ආරම්භ වූයේ වීදුරු බාධකයක් ඇතුළු සෞඛ්යාරක්ෂිත පියවර රැසක් සමගිනි.
විවාදය මෙහෙය වූ සුසාන් පේජ්ද වීදුරු බාධකයකින් වෙන්ව සිටි අතර, කොවිඩ්-19 සෞඛ්යාරක්ෂක පිළිවෙත් ලෙස විවාදය පැවති රැස්වීම් ශාලාවට පැමිණි පිරිස්ද සමාජ දුරස්ථභාවය පවත්වමින් හා මුඛ ආවරණ පැලඳ ගෙනය.
එසේම මෙම විවාදයට පැමිණි අපේක්ෂකයන්, මෙහෙවන්නා මෙන්ම එය නැරඹීමට පැමිණි සියලු දෙනා පැය 72කට පෙර කොවිඩ්-19 පරීක්ෂාවක් සිදුකර එය සෘණාත්මක බවට ප්‍රතිඵලය රැගෙන ආ යුතුව තිබුණි.
සුසාන් පේජ් විවාදය ආරම්භ කළේ, "මට හෝ අනෙක් අපේක්ෂකයාට බාධාවකින් තොරව පිළිතුරු දීමට ඔබට මිනිත්තු දෙකක් තිබෙනවා" යනුවෙන් පවසමිනි.
ඇය තවදුරටත් පැවසුවේ, "අපට සජීවී විවාදයක් අවශ්‍යයි. මේවා කැලඹිලි සහිත කාලයක් වන නමුත් අපට ගෞරවනීයව අදහස් හුවමාරුවක් කළ හැකියි. අපේ රටට මෙතරම් විශාල වියදමක් දැරීමට සිදුවෙමින් පවතින වසංගතයෙන් අපි පටන් ගනිමු." යනුවෙනි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

