වීඩියෝ ක්‍රීඩා තරගාවලියක් අතර වෙඩි තැබීමකින් ජීවිත හානි රැසක්
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වීඩියෝ ක්‍රීඩා පරිශ්‍රයක් තුළදී තුවක්කුකරුවෙකු විසින් එල්ල කරනලද වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා 24 හැවිරිදි ඩේවිඩ් කට්ස් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු බැල්ටිමෝර් හි පදිංචිකරුවෙකි.
ප්‍රහාරයෙන් පසුව ඔහුද වෙඩි තබා ගනිමින් සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම සිද්ධියේදී තවත් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
ජැක්සන්විල්ලේ සාප්පු හා විනෝදාශ්වාද පරිශ්‍රයක් තුළ වීඩියෝ ක්‍රීඩා තරගාවලියක් පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරය සඳහා ඝාතකයා විසින් ෂොට්ගන් වර්ගයේ තුවක්කුවක් භාවිත කර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි.
මෙය වීඩියෝ ක්‍රීඩා තරගාවලියේ පරාජය දරාගත නොහැකිව සිදුකරන ලද වෙඩි තැබීමක්ද යන්න මෙතෙක් තහවුරු කර නැත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

