විකල්ප බ්‍රෙක්සිට් යෝජනාවන් පාර්ලිමේන්තුව තුළ පරාද වෙයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලය විසින් ඉදිරිපත් කළ කිසිදු විකල්ප බ්‍රෙක්ස්ට් යෝජනාවලිකයක් බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව නැත.
අගමැතිනී තේරේසා මේ ඉදිරිපත් කළ යෝජනාවලියට විකල්ප ලෙස මෙම යෝජනාවලීන් එරට පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමට ලක්වූ අවස්ථාවේදී මෙම ප්‍රතිඵලය පැමිණ තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බ්‍රෙක්සිට් පිළිබඳ ලේකම් ස්ටෙෆන් බර්ක්ලේ පවසා සිටියේ මන්ත්‍රීවරුන් විසින් ලබාදුන් මෙම ඡන්දය බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් ඔවුන්ගේ පැහැදිලි ස්ථාවරත්වය පෙන්නුම් කරන බවයි.
එමෙන්ම, මෙම ඡන්ද විමසීම්වලින් පසුව බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් මෙතෙක් පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළ සිදුවූ හිරවීම ලිහිල් වනු ඇති බවටද මන්ත්‍රීවරුන් විශ්වාස කරති.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙම බ්‍රෙක්සිට් යෝජනාවලි සැකසෙන අතර, බ්‍රිතාන්‍ය ආර්ථිකය කෙරෙහිද මෙම ක්‍රියාදාමය දැඩිව බලපා ඇති බව කියැවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

