වසංගත සූදානම ගැන G20 සැසියක් මගහැරි ට්‍රම්ප් තම ගොල්ෆ් පිටියේ ක්‍රීඩා කරයි
නව කොරෝනා වසංගත සූදානම කෙරෙහි අවධානය යොමුකළ G20 අතථ්‍ය සමුළුවේදී ජනාධිපති ට්‍රම්ප් එම සැසිවාරය මගහැර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට ජර්මනිය, ප්‍රංශය, දකුණු කොරියාව සහ ආර්ජන්ටිනාව යන රටවල රාජ්‍ය නායකන් අදහස් දැක්වීමට නියමිතව තිබුණත්, ට්‍රම්ප් නොවීය.
වසංගතය හමුවේ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම සහ ජනතාවගේ ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කරන විසඳුම් සෙවීම එහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, අතථ්‍ය ආකාරයෙන් පැවති සමුළුවේ සත්කාරකත්වය සෞදි අරාබිය විසින් ඉසිලීය.
ඒ මොහොත වනවිට ඇමෙරිකානු නායක ට්‍රම්ප් වර්ජිනියාවේ සිය ගොල්ෆ් පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි බව විදෙස් වාර්තා සඳහන් කළේය.
කෙසේ වෙතත් පෙරවරුවේ පැවති G20 නායක සමුළුව අතථ්‍ය ආකාරයෙන් ආරම්භ වන අවස්ථාවේදී පමණක් ට්‍රම්ප් තිරයේ කෙලවරක පුංචි කොටුවක පෙනී සිට ඇති අතර, මෙම අභියෝගාත්මක අවස්ථාවේ ඔහුගේ සහභාගීත්වය නාමික සහභාගීත්වයක් පමණක් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

