වඳවී ගිය යෝධ ගිරවෙකුගේ අස්ථි කොටස් නවසීලන්තයෙන්
මීට වසර මිලියන 19කට පෙර නවසීලන්තයේ වාසය කළ උසින් මීටරයක් පමණ වූ යෝධ ගිරවෙකුගේ අස්ථි කොටස් පිළිබඳ කරුණු තහවුරු කරගැනීමක් නවසීලන්තයෙන් වාර්තා වෙයි.
ඉතා විශාල පක්ෂියෙකු වූ නිසාම එම ගිරවුන් පියාසර කිරීමට නොහැකි මාංශ භක්ෂක විශේෂයක් වන්නට ඇති බව පොසිල විද්‍යාඥයෝ සැක පහළ කරති.
ඔවුන්ගේ අධ්‍යයනයට අනුව, කිලෝග්‍රෑම් 7ක් පමණ බරින් යුතු මෙම ගිරවා, මීට පෙර විශාලතම ගිරා විශේෂය ලෙස සැලකුණු කාකාපෝ ගිරවාට වඩා දෙගුණයක් පමණ බරින් යුතුය.
ඒ අනුව, මෙම නව පක්ෂි විශේෂය හෙරක්ලීස් ඉන්එක්ස්පෙක්ටැටස් යනුවෙන් නම් කර ඇත්තේ, අසාමාන්‍ය විශාලත්වය හා ශක්තිය සැලකිල්ලට ගනිමිනි.
මෙම අස්ථි අනුව රාජාලියෙකු හෝ තාරාවෙකු බවට මුලින් විශ්වාස කළ අදාළ, පොසිල විද්‍යාඥ කණ්ඩායමක් යළිත් පර්යේෂණ ආරම්භ කරන තෙක් මේ වසරේ මුල් භාගය දක්වා වසර 11ක් පුරා එය ගබඩා කර තිබී ඇති අතර, විද්‍යාගාරය තුළ පර්යේෂණ ව්‍යාපෘතියක නිරත වෙමින් සිටි සිය ශිෂ්‍යයෙකුට අහම්බෙන් එම අස්ථි කැබලි හමුවී ඇති බව සඳහන් වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

