නීතිවරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්පගේ නියෝගයකට අනුව ක්‍රියාත්මක වූ මෙහෙයුම් සමග ලොස් ඇන්ජලීස් නුවර හට ගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරීමට රාත්‍රි ඇඳිරි නීතිය පැනවීමට කැලිෆෝනියාව කටයුතු කර තිබේ.
ලොස් ඇන්ජලීස් යනු කැලිෆෝනිය ප්‍රාන්තයේ ප්‍රධාන නගරයකි. රාත්‍රි 8.00 සිට පසුදා අලුයම 6.00 තෙක් මෙම ඇඳිරි නීති කාලය ක්‍රියාත්මක වෙයි.
මෙම අර්ධ ඇඳිරි නීතිය දින කිහිපයක් ක්‍රියාත්මක වෙනු ඇති බවත්. කැලිෆෝනියාවේ වර්ග සැතපුමකට ආසන්න ප්‍ර දේශයක් මෙම ඇඳිරි නීතියට යටත් වන බවද වාර්තා වෙයි.
නොසන්සුන්තාව හේතුවෙන් කැලිෆෝනියාවට සිදුව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නොතිබුණත් එම අගය ඩොලර් මිලියන ගණනාවක් විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
