රෙෂාඩ් විරෝධතා අතරතුරදී අවන්හලට ගිනිතැබූ සැකකරු
රෙෂාඩ් බෘක්ස්ගේ මරණය සිදුවූ ස්ථානයේ පිහිටි අවන්හලට මෙම මරණයට එරෙහිව පැවති විරෝධතා මධ්‍යයේ ගිනිතබා තිබුණු අතර, එම ගින්නෙන් අවන්හල සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත්විය.
ඒ අනුව, ඇට්ලන්ටා පොලීසිය විසින් මෙම ගිනිතැබීම සිදුකළ සැකකරුවාගේ ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔහු සොයාගැනීමට මහජන සහාය පතා ඇත.
පසුගිය සිකුරාදා මෙම ක්ෂණික ආහාර අවන්හලේ වාහන නැවැතුම් පොළේදී පොලිසිය විසින් රෙෂාඩ්ට වෙඩි තබා තිබුණු අතර, ඉන් අනතුරුව ඇට්ලන්ටා හි මාර්ග අවහිර කරමින් විරෝධතා රැසක් පැවැත්විණි.
ඇට්ලන්ටා පොලීසිය පවසන්නේ විශ්වවිද්‍යාල මාවතේ පිහිටි මෙම අවන්හල ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සොයාගැනීමට සහාය වන අයෙකුට ඇ.ඩො.10,000ක ත්‍යාගයක් ලබාදෙන බවයි.





popular news
-
puka Monday, 15 June 2020 10:21 AM
oka lankawe paththare dammata wadak thiyenawaye? miniha lankawe nathiwa athi!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

