රෙෂාඩ් බෘක්ස්ගේ පිටට වෙඩි ප්රහාර දෙකක් එල්ල වෙලා
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆුල්ටන් කවුන්ටි හදිසි මරණ පරීක්ෂක කාර්යාලය නිකුත් කළ වාර්තාවට අනුව රෙෂාඩ් බෘක්ස්ගේ පිටට වෙඩි ප්රහාර දෙකක් එල්ල වී තිබේ.
මෙම වෙඩි තැබීමේ තුවාල දෙකෙන් ඉන්ද්රියයන්ට හානි වීමෙන් හා රුධිරය අධික ලෙස ගලා යෑමෙන් ඔහු මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
අවන්හලක් අසල සිය මෝටර් රථයේ නින්දට වැටී සිටි අප්රිකානු-ඇමරිකානුවා මෙසේ ආසන්නතම කාලයේදී සිය ජීවිතයෙන් වන්දි ගෙවූ දෙවැනි කළු ඇමෙරිකානුවා වෙයි.
27 හැවිරිදි රෙෂාඩ් බෘක්ස් එම ස්ථානයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කර තිබූ අතර, එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමග පොරබැදීමක් සිදුකර එක් නිලධාරියෙකු අත වූ ටේසර් අවිය (විදුලි සැර වැදීම් සිදුකරන) රැගෙන දිවයන අවස්ථාවේදී පොලීසිය ඔහුට වෙඩි තබා තිබුණි.
ඉරිදා සිදු කරන ලද මරණ පරීක්ෂණය, බෘක්ස්ගේ මරණයට හේතුව ලෙස පිටට එල්ල වූ වෙඩි පහරවලින් ඇති වූ තුවාල වීම දක්වා ඇති අතර, ඔහුගේ මරණය සිදුව ඇත ආකාරය මිනීමැරුමක් ලෙස ලැයිස්තු ගත කර තිබේ.
රෙෂාඩ් බෘක්ස් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඇට්ලන්ටා පොලිස් ප්රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය හමුවේ ඇතිවී තිබෙන සමාජ ආර්ථික පසුබැසීම, අප්රිකානු-ඇමෙරිකානු සම්භවයක් සහිත වූවන් වෙත වූ වාර්ගික අර්බුදයෙන් තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.








popular news
-
Konara Wednesday, 17 June 2020 08:18 AM
ලන්කාවෙ MCC අත්සන් කලහොත් මෙවැනි සිද්ධි දිගටම අසන්නට ලැබේවි . ඇමරිකාවට අසීමිත බලතල ලබාදීම මගින් ඕනෑ කෙනෙකුට වෙඩ් තැබීමේ අවසරය හිමි වන බවයි කියවෙන්නේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

