යුක්රේනයේ දෙවන විශාලතම නගරයට රුසියානුවන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව කාර්කිව් නගරාධිපතිවරයා පවසා ඇති අතර, එමඟින් අවම වශයෙන් තිදෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇත.
ඉහෝර් ටෙරෙකොව් පැවසුවේ එක් රැයක් තුළ රුසියාව ඩ්‍රෝන යානා 48 ක්, මිසයිල දෙකක් සහ බෝම්බ ප්‍රහාර හතරක් දියත් කර ඇති බවයි.
පසුගිය ඉරිදා යුක්රේනය විසින් රුසියානු ගුවන් කඳවුරුවලට එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස රුසියාව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයේදී කාර්කිව් හි මහල් නිවාස 18 ක් සහ තවත් නිවාස 13 ක් එක රැයකින් පහර දුන් බව නගරයේ නගරාධිපතිවරයා පැවසීය. තුවාල ලැබූවන් අතර ළදරුවෙකු සහ අවුරුදු 14 ක ගැහැණු ළමයෙකු ද සිටින බව ඔහු තවදුරටත් පැවසීය.
රුසියාව ඊයේ දිනයේ ඩ්‍රෝන යානා 400කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල 40කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් රැසියාව පහර දී තිබේ.
