ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියාවට පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 50ක් දක්වා තවත් සියයට 25කින් වැඩි කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.
මේ අනුව එක්සත් ජනපදය විසින් රටවලට පනවා ඇති තීරු බදු සලකා බැලීමේදී වැඩිම ප්‍රතිශතයක් පනවා ඇති රටවල් අතරට ඉන්දියාවද එක්වෙයි.
විධායක නියෝගයට අනුව නව අනුපාතය දින 21 කින් ක්‍රියාත්මක වන බැවින් අගෝස්තු 27 වන දින සිට ක්‍රියාත්මක වේ.
බදාදා ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිචාරයකින් කියැවුණේ දිල්ලිය රුසියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කර ඇති බවත්, තීරුබදු "අසාධාරණ" බව නැවත අවධාරණය කර ඇති බවත්ය.