රුසියාවෙන් තවත් දෛනික කොවිඩ් ආසාදන වාර්තාවක්
- 22 11 2020
- 07:20
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
රටේ කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව, රුසියාව විසින් නව කොරොන වෛරසය ආසාදිතයන් 24,822ක් සෙනසුරාදා වාර්තා කර තිබේ.
දරුණුතම බලපෑමට ලක්වූ නගරය වන මොස්කව්හි ආසාදිතයන් 7,168ක් වාර්තා වී ඇති අතර, එය රුසියානු අගනගරය සඳහා නව දෛනික වාර්තාවකි.
ඒ අනුව මේ වනවිට රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව එම මධ්‍යස්ථානයට අනුව 2,064,748කි.
එදින රුසියාවේ නව කොරෝනා වෛරසය නිසා සිදුවන මරණ සංඛ්‍යාව 467කින් ඉහළ ගොස් ඇත. රටේ කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානය මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 35,778ක් ලෙස සලකුණු කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
