රුසියානු එන්නතෙහි පළමු කාණ්ඩය සති දෙකකින්ලු
රුසියානු කොවිඩ්-19 එන්නත හෙවත් 'ස්පුට්නික් වී' හි පළමු කාණ්ඩය සති දෙකක් ඇතුළත එළිදක්වන බවත්, මොස්කව් හි එන්නත ඉක්මණින් අනුමත කිරීම සම්බන්ධයෙන් ඇතැම් විශේෂඥයන් විසින් විකාශනය කරන ලද පදනම් විරහිත ආරක්ෂිත කරුණු ප්‍රතික්ෂේප කරන බවත් රුසියානු සෞඛ්‍ය ඇමති කියයි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව සොයාගත් බව පැවසෙන එන්නත සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කිසිදු වගකීමකින් තොරව අනුවණයෙකු ලෙස හැසිරී ඇතැයි විද්‍යාඥයන් චෝදනා කරයි.
මෙම එන්නත තවමත් නියමිත සායනික අත්හදා බැලීම් සියල්ල සම්පූර්ණ කර ඒවායින් සමත්ව නොමැති බව ඇතැම් විද්‍යාඥයන් සඳහන් කරන්නේ, එය සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස පවසමිනි. විශේෂයෙන්ම අසම්පූර්ණ පරීක්ෂාවක් සිදුකළ එන්නතක් ජනතාවට ලබාදීම මහජන සෞඛ්‍ය පිළිබඳ බලපෑමක් ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. එසේම තවත් පිරිසකට අනුව කිසිදු දත්තයක් නොමැති මෙවැනි එන්නතක් කෙසේ බලසම්පන්නදැයි කිව නොහැකි බවද අවධාරණය කරයි.
නමුත් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ, "අපගේ විදේශීය සගයන් රුසියානු එන්නතේ නිශ්චිත තරඟකාරී වාසි දැනී තිබෙනවා. ඔවුන් අපේ මතය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත යැයි අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කරමින් සිටින්නේ ඒ නිසයි" යනුවෙන් පවසා සිටියි.
පූටින්ගේ එක් දියණියක්ද මෙහි පළමු හා දෙවැනි අදියර අත්හදා බැලීම් සඳහා සහභාගී වූයේ යැයි කියන මෙම එන්නතේ තෙවැනි අදියරේ අත්හදා බැලීම් තවමත් සිදුව නොමැති අතර, එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය වීම ලබන සැප්තැම්බරයේදී පමණ සිදුවනු ඇති බව මුලින් සඳහන් විය. එමෙන්ම ඔක්තෝබරය වනවිට එය ලබාගත හැකිය යන විශ්වාසය පැවතිණි. බ්‍රසීලය හා මැදපෙරදිග රාජ්‍යයන් රැසක් මේ සඳහා ඇණවුම් ලබාදීම මෙන්ම, එන්නත නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමටද ගිවිසුම්ගත වී තිබුණි.
නමුත් මේ සියලු කරුණු මැද ඉපැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ අභ්‍යවකාශ චන්ද්‍රිකාවක් වූ ස්පුට්නික් නමින් රුසියාව මෙම එන්නත නම් කර ඇත්තේ, ඒ සියල්ලම හරහා රුසියාව තමන් වෙත අලුත් කීර්තිනාමයක් අත්පත් කරගැනීමට දරන උත්සාහයේ කොටසක් බවටද චෝදනා පවතී.


popular news
-
Kumar Friday, 14 August 2020 12:32 AM
Some Sri Lankans were jumping for joy when Putin did a Trump by announcing that they were the first to produce a vaccine for Covid-19. Why don't those people show Russians some support by becoming test subjects. Any new vaccine is useless without field trials to study the efficacy of the product. Nobody want to get a set of horns after vaccination?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

