රුසියානු ආරක්ෂක ඉල්ලීම් ඇමෙරිකාව අහක දමනවා
එක්සත් ජනපදය සහ අනෙකුත් නේටෝ රටවල් තවමත් තම රටේ ප්‍රධාන ආරක්ෂක ඉල්ලීම් ප්‍රමාණවත් ලෙස වටහා ගැනීමට අකමැති බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිය බෙලාරුසියානු සහකරු ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ සමග සාකච්ඡා කිරීමෙන් පසු පැවසීය.
බෙලාරුසියානු සහකරුගේ ඉල්ලීම පරිදි, එක්සත් ජනපදයෙන් සහ නේටෝවෙන් රුසියාව සඳහා දිගුකාලීන සහ නීත්‍යානුකූලව බැඳී ඇති ආරක්ෂක සහතික කිරීම් පිළිබඳව බටහිර රාජ්‍ය නායකයින් විස්තර කළ බව පූටින් පැවසීය. රුසියාවේ රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ බෙලාරුසියානු රජයද මෙම ප්රශ්නය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වීම ස්වාභාවික යැයි තමා සලකන බව පූටින් පැවසූ බවයි.
රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ බටහිර සගයන් යුරෝපීය ආරක්ෂාව, අතරමැදි සහ කෙටි දුර මිසයිල සහ හමුදාමය විනිවිදභාවය පිළිබඳ අදහස් රැසක් රුසියාවද සාකච්ඡා කිරීමට කැමති කරුණු ලෙස සකස් කළ බවයි.
නමුත් එසේ ක්‍රියාත්මක කිරීමට නම් රුසියාවටද ප්රමුඛස්ථානයක් වන ප්‍රධාන රුසියානු යෝජනාවලින් වෙන් නොවී, සියලු කරුණු පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇතැයි යන කොන්දේසිය මත ඔවුන් සාකච්ඡා මාර්ගය දිගේ ගමන් කිරීමට සූදානම් බව රුසියානු නායකයා අවධාරණය කළේය.


popular news
-
Kumar Saturday, 19 February 2022 03:42 PM
putinge kathawa hariyata aliyek meeyekugen araksha wenna oney kiyanawawageyi. Indiyawa, Cheenen araksha wenna lankawa arkramanaya karanawawageyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

