රථයක් පදවමින් සිදුකළ සමූහ වෙඩි තැබීමෙන් අයෙක් මරුට
ඇමෙරිකාවේ ටෙක්සාස් හි හූස්ටන් අසල උප නාගරික නගරයක් වන බේටවුන් හිදී රථයක් ධාවනය කරවමින්ම සැකකරුවෙකු විසින් සිදුකළ සමූහ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස්, තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය තැනැත්තිය වයස 20 ගණන්වල පසුවන අයෙකු වන අතර, ඇය ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කිරීමේදීත් මියගොස් සිටි බව සඳහන් වෙයි. තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මාධ්‍ය වාර්තා කරයි.
හැරිස් ප්‍රාන්තයේ ෂෙරිෆ් එඩ් ගොන්සාලෙස් පැවසුවේ සැකකරු තම රථය ධාවනය කරන අතරතුරදීම රැස්ව සිටි පිරිසකට වෙඩි තැබූ බවයි. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු කුඩා දරුවෙකු බවද ගොන්සාලෙස් පැවසීය.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ සති කිහිපයකට පෙර නිවසේදී ඝාතනයට ලක්වූ තම පුතාට ගෞරව කිරීම සඳහා මවක් විසින් සංවිධානය කළ සැමරීමේ උත්සවයක් අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර, අත්අඩංගුවට ගැනීමක් සිදුව ඇති බව පොලීසිය මෙතෙක් සඳහන් කර නොතිබුණි.


popular news
-
Kumar Tuesday, 14 December 2021 04:50 PM
api inna nagrayata yabada nagaraye samadama mewani wedithabeem siduwenawa. ewani siduwena paaththa lankawe bajar ekak wageyi. wedithabeem siduwenne pathalayan atharayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

