රටේ ජනතාවට මා හිසනමා ආචාර කරනවා - ෂී ජින්පිං
නවීන සමාජවාදී රටක් සෑම අතින්ම ගොඩනැගීමේ නව ගමනක් ආරම්භ කළ චීනය, තම ජාතියේ මහා පුනර්ජීවනය කරා යන මාවතේ විශ්වාසනීය ඉදිරි ගමනක් තබමින් සිටින බව 2022 නව අවුරුදු උදාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං පවසයි.
වසර ආරම්භයේ සිට අවසානය දක්වාම, චීන ජනතාව විවිධ ක්ෂේත්‍ර, ව්‍යවසාය, ප්‍රජාවන්, පාසල්, රෝහල්, බැරැක්ක (හමුදා) සහ පර්යේෂණ ආයතන වැනි විවිධ ස්ථානවල වෙහෙස මහන්සි වී වැඩ කර ඇති බව පැවසූ චීන නායකයා, අවුරුද්ද පුරාවටම චීනය සිය උත්සාහය දරමින්, එකිනෙකාගේ කොටසේ දායකත්වය ලබාදෙමින්, ඊට ප්‍රතිඋපකාර වශයෙන් බොහෝ දේ ලබාගෙන ඇති බවද සඳහන් කළේය. කාලයාගේ ඇවෑමෙන්, ඔරොත්තුදෙන සහ ගතික චීනයක්, එහි මිත්‍රශීලී හා ගෞරවනීය ජනතාවක් සිටින රටක්, දිනෙන් දින වේගයෙන් සංවර්ධනය වන රටක් සහ එහි සියලු කටයුතුවල අඛණ්ඩ ප්‍රගතියක් ඇති රටක් නිර්මාණය වී ඇති බවද ෂී ජින්පිං පැවසීය.
"අප රටේ මිනිසුන්ගේ අවශ්‍යතා කෙරෙහි මා සැමවිටම සැලකිලිමත් වන අතර ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් මා සැමවිටම උත්සාහ කරනවා. මම ගම්බද ප්‍රදේශවල වැඩ කළ නිසා දුප්පත්කම මොන වගේද කියා හරියටම දන්නවා. පරම්පරාවෙන් පරම්පරාවට චීන ජනතාවගේ තිරසාර උත්සාහයට ස්තූතිවන්ත වන අතර, කලක් දරිද්‍රතාවයේ ජීවත් වූ අයට තවදුරටත් ආහාර හෝ ඇඳුම් පැළඳුම් හෝ අධ්‍යාපනය, නිවාස සහ වෛද්‍ය රක්ෂණය සඳහා ප්‍රවේශය ගැන දැන් කරදර විය යුතු නැහැ. සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් සාක්ෂාත් කර ගැනීම සහ අන්ත දරිද්‍රතාවය තුරන් කිරීම චීන කොමියුනිස්ට් පක්ෂය අපගේ ජනතාවට ලබා දී ඇති අතර, එය ලෝකයටද දායක වෙනවා. කෙසේ වෙතත් සෑම කෙනෙකුම වඩා හොඳ ජීවිතයක් ගත කරන බව සහතික කිරීම සඳහා, අප විසින් දැනට අත්පත් කරගත් දේ මත කිසි විටෙකත් රැඳී නොසිටිය යුතු අතර, තව බොහෝ දුර යා යුතුව ඇති බව අප අවබෝධ කරගත යුතුයි." යනුවෙන් චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම රටේ ගංගාවන්ගේ වැදගත්කම මෙන්ම, ඒවා ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් ආරක්ෂා කිරීම ගැනද කතා කළ ෂි ජින්පිං, සියලු වනාන්තර සහ සතා සිවුපාවන් පවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කමත්, සොබාදහම අනාගතයට කොතරම් වැදගත්ද යන්නත් පැහැදිලි කළේය. "අපි ස්වභාවධර්මය පරාජය නොකරන්නේ නම්, සොබාදහම කිසි විටෙකත් අපව අසමත් කරන්නේ නෑ" චීන නායකයා පැවසීය.
"මගේ දුරකථන ඇමතුම් සහ විදේශීය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සමග අථත්‍ය රැස්වීම් වලදී, කොවිඩ්-19 ට එරෙහි චීනයේ සටන සහ ගෝලීය කොරෝනා ප්‍රතිචාරයට දක්වන දායකත්වය පිළිබඳව මා බොහෝ වාරයක් පැසසුම් අසා තිබෙනවා. අද වන විට චීනය රටවල් 120කට වැඩි සංඛ්‍යාවකට සහ ජාත්‍යන්තර සංවිධානවලට කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලබා දී තිබෙනවා. මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ නව පරිච්ඡේදයක් ලොව පුරා රටවලට ලිවිය හැක්කේ සමගිය සහ සහයෝගීතාවය තුළින් පමණයි." ජනාධිපති ෂී ජින්පිං වැඩිදුරටත් සඳහන් කළේය.
"අලුත් අවුරුද්දේ සීනුව නාද වෙනවා. අප කතා කරන පරිදි, චීන ගගනගාමීන් තිදෙනෙක් මේ වනවිටත් අභ්‍යවකාශයේ රාජකාරි කරනවා. එතෙර සිටින අපගේ සහෝදර සහෝදරියන් තවමත් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට සහ ව්‍යාපාරවලට මෙන්ම එතෙර සිටින චීන ශිෂ්‍යයන් ධෛර්ය සම්පන්නව කටයුතු කරනවා. අපගේ බොහෝ සිහින හඹා යන්නන් ඔවුන්ගේ හොඳ වැඩ දිගටම කරගෙන යනවා. ඔබගේ සියලු ශ්‍රේෂ්ඨ ප්රයත්නයන්ට මා හිසනමා ආචාර කරන අතර නව වසර සඳහා ඔබට සුභ පැතුම් පිරිනමනවා. අවසන් වශයෙන්, හවුල් අනාගතයක් වෙනුවෙන් අපි සැවොම එක්ව වැඩ කරමු. අපේ රට සෞභාග්‍යවත් වේවා, අපේ ජනතාව සාමයෙන් හා සමගියෙන් ජීවත් වේවා!" චීන ජනාධිපති ෂී ජින්පිං සිය නව අවුරුදු පණිවුඩය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.


popular news
-
Kumar Saturday, 01 January 2022 02:16 AM
rajaya viwaychanaya kaloth athurudahanwena neda.
Reply : 0 0
rocky Saturday, 01 January 2022 08:26 AM
manaththayo, mamath me rate janathaawagen ekek. Eka hindaa kiyannam . oya wiihata "Butter Gaanna" ekata mama kemathi nehe. Wedak balaagana inna!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

