යුක්රේන සරණාගත 50,000ක් බ්‍රිතාන්‍යයේදි හෝම්ලස් වෙලා
යුක්රේන සරණාගතයින් 50,000ක් එක්සත් රාජධානියේ නිවාස නොමැතිකමට මුහුණ දෙමින් සිටින බව කියයි.
සරණාගතයින් බ්‍රිතාන්‍ය පවුල් සමග ගැලපීමේ ආණ්ඩුවේ යෝජනා ක්‍රමය බිඳවැටීම නිසා ලබන වසරේ යුක්රේනියානුවන් 50,000ක් පමණ එක්සත් රාජධානියේ නිවාස අහිමි විය හැකි බව ද ගාඩියන් පුවත්පත වාර්තා කළේය. ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, විපක්ෂයට අවශ්‍ය වන්නේ ආණ්ඩුව සත්කාරක පවුල් සඳහා ගෙවීම් ඉහල නැංවීමයි.
කම්කරු පක්ෂය, ලිබරල් ඩිමොක්රටික් සහ ළමා පුණ්‍යායතනය බාර්නාඩෝස් විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව, බ්‍රිතාන්‍ය සත්කාරකයන්ගේ ප්‍රතිපෝෂණ මත පදනම්ව, යුක්රේනියානුවන් 15,000ත් 21,000ත් අතර ප්‍රමාණයක් ශීත ඍතුව වන විට නිවාස අහිමි විය හැකි අතර 2023 මැද භාගය වන විට 50,000 කට වඩා වැඩි විය හැකි බව පුවත්පත වාර්තා කරයි.


popular news
-
Kumar Wednesday, 31 August 2022 04:50 PM
Putinta pinsiddah wenna oney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

