මෙරියම්-වෙබ්ස්ටර් හෙළි කරන 2022 වසරේ වචනය
එක්සත් ජනපදයේ පැරණිතම ශබ්ද කෝෂ ප්රකාශකයා වන මෙරියම්-වෙබ්ස්ටර් විසින් 2022 වසර සඳහා "වසරේ ඉංග්රීසි වචනය" ලෙස 'Gaslighting' යන්න තෝරාගෙන තිබේ.
"තමන්ගේම සිතුවිලිවල වලංගුභාවය, යථාර්ථය පිළිබඳ අවබෝධය හෝ වෙනත් දේ අතර මතකයන් ප්රශ්න කිරීමට" යමෙකු විසින් සැලැස්වීම හෝ විශේෂයෙන් කෙනෙකුගේ වාසිය සඳහා "යමෙකු දැඩි ලෙස නොමඟ යැවීමේ ක්රියාවක් හෝ භාවිතයක්" හෝ "මානසික ක්රම මගින් තමාගේම ප්රකෘති සිහිය ගැන යමෙකුට සැක කිරීමට සැලැස්වීම" 'Gaslighting' යන්නෙන් කියැවෙයි.
'Gaslighting' වචනය සඳහා සෙවුම් මේ වසරේදී 1,740% කින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, 'Gaslighting' වචනය පිළිබඳ හදිසි කුතුහලය සහ උනන්දුව ඇති කළ කිසිදු ප්රමුඛ සිදුවීමක් නොමැති වීමද විශේෂත්වයකි.
"එය ඉංග්රීසි භාෂාවෙන් ඉතා ඉක්මනින් ඉහළ ගිය වචනයක්, විශේෂයෙන් පසුගිය වසර හතර තුළ, එය ඇත්තෙන්ම බොහෝ දෙනෙකුට පුදුමයක් වුණා" මෙරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂයේ ප්රධාන කර්තෘ පවසයි.

popular news
-
Demuni Uduwara Wednesday, 30 November 2022 01:59 AM
Is Ranil Wickramasinghe a gaslighter ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

