මෙක්සිකෝ ජනපති, මිත්‍රයාට ප්‍රබල ඇමති ධුරයක් පිරිනමයි
මෙක්සිකෝවේ පැවති ප්‍රධාන කැබිනට් සංශෝධනයකදී ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රඩෝර් විසින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළ ඔල්ගා සැන්චෙස් වෙනුවට, ටබාස්කෝහි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ තමාගේ වඩාත් කුලුපග මිත්‍රයෙකු වන අඩාන් ලෝපෙස් නව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.
එම භූමිකාවේ කටයුතු කළ ප්‍රථම කාන්තාව වූ සැන්චෙස්, 2018 දී ලෝපෙස් ඔබ්රඩෝර් බලයට පත් වීමෙන් පසු ඇය මුලින් කටයුතු කළ සෙනෙට් සභාවේ නීති සම්පාදක තනතුරට නැවත පත්කර ඇත.
ට්විටර් පණිවුඩයක් තබමින් ජනාධිපති ඔබ්රඩෝර් විසින්, ධුරයෙන් ඉවත්ව යන සැන්චෙස් සහ ලෝපෙස් සමග ඡායාරූපයකට පෙනී සිටිමින් නව අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා හඳුන්වා තිබුණේ, "මිත්‍රයා, රටවැසියා සහ සමීපතමයා" ලෙසිනි.
මෙක්සිකෝවේ අභ්‍යන්තර විෂය පථය විශේෂයෙන් බලවත් කැබිනට් තනතුරක් වන අතර එය ආරක්ෂක කටයුතු සඳහා වගකිව යුතු මෙන්ම, ජනාධිපති ධුරයට පසුව ඊළඟට ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් එකකි.


popular news
-
Samson de silva Friday, 27 August 2021 09:38 AM
Mema prawurthiya Lankaawe janathaawata ithaamath watinaakamak thiyenawaa. Ema nisa wennathi 'ADA' mema prawurthiya prakaashayata path keruwe. Kawuda danne, Duminda ho Nissanka kiyalaa kenekeuth Cabinet amathiwarayek wewida kiyalaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

